Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අපරාධකරුවන් බිහිකරන ෆැක්ටරිය බන්ධනාගාරයයි – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක

10 months ago

අපරාධකරුවන් බිහි කරන ෆැක්ටරි බවට බන්ධනාගාර පත්ව ඇතැයි මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට පත්වන ඇතැම් පුද්ගලයින් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතවන බවත් ඔවුන්ගෙන් සමහර පිරිස් බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඉන් පැමිණෙන්නේ අපරාධකරුවෙකු වීම සඳහා වන පසුබිමක් ඇතිව බව ලලිත් පතිනායක මහතා සඳහන් කළා.

මත්ද්‍රව්‍ය වලක්වා ගැනීම සඳහාවන යාන්ත්‍රණය ශක්තිමත් නොමැති බව පැවසු මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා,දැනුවත් කිරීම් කළද ඉන් ලැබෙන ප්‍රතිපල ඉතා අවම මට්ටමක තිබෙන බව පැවසුවා.

ඇතැම් අවස්ථාවන් හිදි සිදුකරන සමහර දැනුවත් කිරීම් නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙන බව අවධාරණය කළා.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් වලට දෛනිකව රුපියල් 2000-3000 බැගින් අවස්ථා ගණනාවකදී මුදල් බැරවන බවත් ඒ සම්බන්ධයෙන් බැංකු නිලධාරීන් පවා දැනුවත් සිටින බවයි.

එසේ වුවත් ප්‍රාදේශීය පොලීසියක ස්ථානාධිපතිවරයෙකු වෙත මෙම ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දිමේ නීතිමය හැකියාවක් බැංකු කළමනාකාරවරුන්ට නොමැති බව ඔහු සඳහන් කළා.

එවැනි අවස්ථාවලදි මහ බැංකුවේ මූල්‍ය අපරාධ ඒකකයට දැනුවත් කර විස්තර ලබා ගැනිමට යම් කිසි කාලයක් ගතවන බවත් එවිට මෙම ගිණුම් හරහා කෝටි ගණනක මුදල් සංසරණය වි අවසන් බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.