හය ශ්‍රේණියට අදාළව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ‘2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පිය එකමුතුව’ විසින් අද (16) පෙරවරුවේ බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
මෙම විරෝධතාවයේ විශේෂත්වය වූයේ දෙමාපියන්ට අමතරව පාසල් නිල ඇඳුමෙන් සැරසුණු කුඩා දරුවන් පිරිසක්ද මීට එක්ව සිටීමයි.
විරෝධතාවයේ නිරත දෙමාපියන් අවධාරණය කර සිටින්නේ, වර්තමානයේ මතභේදයට තුඩු දී ඇති “ඉංග්‍රීසි මොඩියුලය” (English Module) සම්බන්ධ ගැටලුව නිරාකරණය වන තෙක්, සෙසු විෂයන්ට අදාළ ප්‍රතිසංස්කරණය කළ මොඩියුල දරුවන්ට ඉගැන්වීමට බලධාරීන් වහාම පියවර ගත යුතු බවයි.
ප්‍රතිසංස්කරණ ප්රමුඛ කරගත් නව අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්රමුඛ කාලීන අවශ්‍යතාවක් බවත්, ඉංග්‍රීසි මොඩියුලයේ පවතින ගැටලු හේතුවෙන් සමස්ත ක්‍රියාවලියම අත්හිටුවීම දරුවන්ගේ අධ්‍යාපනයට සිදුකරන අසාධාරණයක් බවත් විරෝධතාකරුවන් මෙහිදී පෙන්වා දුන්හ.
