පසුගිය ජනවාරි 9 වනදා දෙහිවල ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් පුළුල් විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
විමර්ශනවලදී සාක්ෂිකරුවන් ලබාදුන් තොරතුරු සහ විස්තර පදනම් කර ගනිමින්, අපරාධය සිදු කිරීමට පැමිණි වෙඩික්කරුගේ රූපයක් කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම පහත දුරකථන අංකය හරහා දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
- ස්ථානාධිපති, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය:
- 📞 071-8596408
තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය සුරකින බව ද පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

