රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ඇය මේ බව කියා සිටියේ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
රජය බලයට පත්වන විටම රටේ ප්‍රධානතම වෙනසක් සිදුවිය යුතු ක්ෂේත්රය ලෙස අධ්‍යාපනය හඳුනාගෙන තිබූ බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.
සමාජීය පරිවර්තනයන් සිදු කිරීමේදී සුළුතර පිරිසකගෙන් විරෝධතා එල්ල විය හැකි වුවද, සමස්ත රටේ අනාගතය වෙනුවෙන් එම ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ඇය පැවසුවාය.නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල ක්‍රියාත්මක වන්නේ ශක්තිමත් ‘ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක්’ තුළ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත්, ඔවුන්ට කඩිනමින් සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදු කරන මෙම දැවැන්ත පරිවර්තනය සාර්ථක වීමට නම් ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම සහ සහයෝගය අතිශය වැදගත් බව ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
