Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

10 months ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

රෝගාතුරව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඒ මහතා 63 වියේ පසුවිය.

ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු ලෙස දේශපාලනයට පිවිසිය අතර, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූයේය.

පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඔහු වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරය ද භාරගෙන සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයද භාරගෙන සිටියේය.