Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඩියක්වත් පස්සට අරගෙන නැහැ – හරිනි

10 months ago

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කිරීමට සැලසුම් කර ඇති පරිවර්තනීය වෙනස ක්‍රියාත්මක කිරීමේදී රජය කිසිසේත්ම පසුබට නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

ඊයේ (17) පුත්තලම කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

දැනට දියත් කර ඇති අධ්‍යාපන සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවත්, මෙය දීර්ඝකාලීන ක්‍රියාවලියක් බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය. ඒ යටතේ සිදුකෙරෙන ප්‍රධාන කාර්යයන් කිහිපයක් ඇය සඳහන් කළාය:

පාසල් පද්ධතියේ භෞතික පහසුකම් නංවාලීම.

ගුරු සහ විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රමවත් බඳවා ගැනීම්.

පාසල් සඳහා ඩිජිටල් තාක්ෂණික උපකරණ බෙදාදීම.

මෙවැනි බරපතළ ක්‍රියාවලියකදී සුළු පිරිසක් පටු අරමුණු වෙනුවෙන් විරෝධතා දැක්වුවද, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එම බාධක නොතකා කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන් කර ඇති බවත්, එහි මුල් අදියර ලෙස ඉදිරි මාස දෙක ඇතුළත තෝරාගත් ද්විතීයික පාසල් සඳහා අන්තර්ක්‍රියාකාරී තිර (Interactive Screens) සහ අන්තර්ජාල සබඳතා ලබාදීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.