Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට ඉහළට

10 months ago

රාජ්‍ය සේවක වැටුප් මේ මාසයේ සිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා තිබෙනවා.

වැඩි වූ රාජ්‍ය සේවක වැටුප් සඳහා අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 110 ක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දෙවන අදියරයි මේ මාසයේ සිට ක්‍රියාත්මක වන්නේ.

මේ අතර පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ නැංවීමට ද කටයුතු කළා.

මේ අතර 2026 ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු කර තිබෙනවා.

දෛනික වැටුප ද රුපියල් 1080 සිට රුපියල් 1200 දක්වා මේ අනුව ඉහළ නංවා ඇති අතර 2025 අංක 11 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත යටතේ මෙම වැටුප් ඉහළ නැංවිම සිදුකර තිබෙනවා.