හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (27) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව අද පෙරවරු 9.00ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස පසුගිය සිකුරාදා ඇයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ පවත්වාගෙන ගිය ‘සිරිලිය’ ගිණුමේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මූලික විමර්ශන යහපාලන ආණ්ඩු සමයේදී ආරම්භ කර තිබුණි.
