Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයේ සිටි  ගුරු සංවර්ධන නිලධාරියෙක් රෝහල්ගත කර‍යි

10 months ago

සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සිටි පුද්ගලයෙකු රෝහල් ගතකර ති‌බෙනවා.

උපවාසයේදී නියැලි සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ක්ලාන් තත්ත්වයක් හේතුවෙන් 1990 ගිලන් රථයක් එම ස්ථානය වෙත රැගෙනවිත් තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරු කාන්තාව රෝහලට ගෙන ගොස් තිබෙනවා.

වසර 7ක කාලයක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ව ගුරු සේවයේ ස්ථීර කරන ලෙස බල කරමින් ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් එහි සාමාජිකයින් සිව් දෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

එලෙස ආරම්භ කළ මාරාන්තික උපවාසයේ නැයැලි සිටි කාන්තාවක් මෙලෙස රෝහල් ගත කෙරුණා.

මේ අතර, සත්‍යග්‍රහය සිටින විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ද උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබුණා.

ඒ, අද (27) පෙරවරුවේ ඔවුන් “යුක්තියේ මළගම” ලෙසින් පෙට්ටියක් පුළුස්සා දැමූ අතර පොලිසිය ප්‍රකාශ කළේ එය කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසටයි.

එමෙන්ම උපවාසය නිසා පදික වේදිකාව අවහිර වන බව පොලීසිය පැවසීමත් සමග මෙසේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර විවාදාත්මක තත්ත්වයක්ද ඇති වී තිබෙනවා.