Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආසන පටි නොදමන රියදුරන් මට්ටු කිරීම ඇරඹෙයි

10 months ago

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. මේ යටතේ ආසන පටි නොපැළඳ රථවාහන පදවන සහ ගමන් ගන්නා පිරිස් වෙත දඩ පැනවීම මේ වන විටත් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, ඊයේ (27) දිනය තුළ පමණක් අධිවේගී මාර්ගවල ආසන පටි නොපැළඳ ගමන් කළ රියදුරන් 18 දෙනෙකුට එරෙහිව දඩ පනවා ඇති බවයි.

මීට අමතරව, මින් ඉදිරියට ආසන පටි නොපැළඳ පැමිණෙන කිසිදු වාහනයකට අධිවේගී මාර්ගවලට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙස සියලුම පිවිසුම් දොරටු වෙත උපදෙස් ලබා දී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මාර්ග අනතුරුවලදී සිදුවන ජීවිත හානි අවම කර ගැනීම සඳහා මෙම පියවර ගත් බව පොලීසිය පවසයි.