විදුලිබලය, ජලය, ඛනිජ තෙල්, ගෑස් සැපයීම, රෝහල් කටයුතු ඇතුළු සේවා රැසක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම්වරයාගේ අණ පරිදි පසුගිය 28 වැනිදා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අනුව, විදුලිය, ඛනිජ තෙල්, ගෑස්, රෝහල් සේවාවලට අමතරව ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, පොදු ගමනාගමන සේවා, බැංකු, රක්ෂණ සේවා සහ කසළ ඉවත් කිරීම මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට තවදුරටත් පත්වනු ඇති.
දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරනු ලැබුවේ.
