Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ යන ලකුණු

10 months ago

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දැනට පවතින දැඩි නිලධාරී හිඟය පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විශේෂ කරුණු අනාවරණය කර තිබේ.

පොලිස් අපරාධ කොට්ඨාසයේ ඇඟිලි සලකුණු, අපරාධ විශ්ලේෂණ සහ වෝහාරික ඡායාරූප ශිල්පීන්ගේ සේවය ඇගයීම සඳහා පසුගියදා (30) පැවති උත්සවයකදී ඔහු පෙන්වා දුන්නේ, අද වන විට පොලිස් සේවයට අවශ්‍ය නිලධාරීන්ගෙන් 32,000කට ආසන්න හිඟයක් පවතින බවයි.

පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙම වසරේදී නිලධාරීන් 2,500ක් සහ ලබන වසරේදී තවත් 2,700ක් විශ්‍රාම යාමට නියමිත බවයි.

ඒ අනුව ඉදිරියේ දී නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එමෙන්ම නිලධාරීන්ට ඉදිරියේදී ඉතා හොද වැටුපක් ලබා ගැනීමට කටයුතු සිදුවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උත්සවය අමතමින් පවසා ඇත.