Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිවරයා සිදු කළ ආරාධනය

10 months ago

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ, රජයක් ලෙස බාහිර පාර්ශවයන්ට රටේ පිරිසිදු බව පෙන්වීමට ප්‍රථම, යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් අප විසින්ම වගවිය යුතු බවයි. ඒ වෙනුවෙන් ආයතනික මට්ටමින් පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) නිර්දේශ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ සමූල ඝාතන අවි නිෂ්පාදනයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසින් නිකුත් කර ඇති නිර්දේශ 40ක් මත පදනම්ව මෙම ඇගයීම් සිදු කෙරේ. රටක ස්ථාපිත මූල්‍ය පද්ධතිවල කාර්යක්ෂමතාව, නීතිමය රාමුව සහ සම්පත් යෙදවීම පිළිබඳව මෙහිදී ගැඹුරු විශ්ලේෂණයක් සිදු කෙරෙන අතර එය ‘අන්‍යෝන්‍ය ඇගයීම’ ලෙස හැඳින්වේ.

ශ්‍රී ලංකාවේ මෙම අධීක්ෂණ කටයුතු මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා මූල්‍ය බුද්ධි ඒකකය සහ රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වී සිටී. මේ සඳහා අවශ්‍ය උපදේශකත්වය ආචාර්ය Gordon Hook මහතා විසින් සපයනු ලබයි.

අතීත අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙනීම ශ්‍රී ලංකාව මින් පෙර 2006 සහ 2014-2015 වසරවලදී මෙම ඇගයීම්වලින් අසාර්ථක වීම හේතුවෙන් 2017 වසරේදී ජාත්‍යන්තරව ‘අසාදු ලේඛනගත’ (Greylisted) වීමට සිදු වූ බව මෙහිදී සාකච්ඡා විය. එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට නම් ශක්තිමත් දේශපාලන නායකත්වයක් යටතේ ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගත යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.