Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තුන්වන ස්ථානය දිනූ සබීනා යූසෆ් දිවයිනට (ඡායාරූප)

10 months ago

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවති 41 වැනි “ලෝක විවාහක රූ රැජින” (Mrs. World) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමිකරගත් සබීනා යූසෆ් මහත්මිය අද (04) අලුයම දිවයිනට පැමිණියාය.

ලෝකයේ රටවල් 60ක තරගකාරිනියන් සමඟ කරට කර තරග වැදුණු ඇය, එහිදී තරගාවලියේ තෙවන ස්ථානය මෙන්ම “ජායාකාන්ත” (Mrs. Photogenic) රැජින ලෙස කිරුළු පැලඳීමට සමත් වීම ශ්‍රී ලංකාවට මහත් අභිමානයකි.

ඉකුත් ජනවාරි මස 22 වන දින සිට 29 වන දින දක්වා පැවැත්වූ මෙම ජාත්‍යන්තර තරගාවලිය නිමවා ඇය අද අලුයම 02.45ට දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් QR-662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූවාය.

සබීනා යූසෆ් මහත්මිය පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළේ “ගෝල්ඩ් රූට්” (Gold Route) විශේෂ මගී පර්යන්තය වෙත විශාල පිරිසක් පැමිණ සිටියහ.