Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ASP රොහාන් ඕලුගල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

10 months ago

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඇති වූ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ඒ මහතාව ප්‍රථමයෙන් ඇතුළත් කර තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල වෙතයි.

එහිදී මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ පරීක්ෂාවට ඔහු යොමු කෙරිණි. එම වෛද්‍ය නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා සහකාර පොලිස් අධිකාරීවරයාව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. රොහාන් ඕලුගල මහතා මේ වන විට සුවය ලබමින් පසුවන බව වාර්තා වේ.