අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලැබූ සියලුම ප්‍රතිලාභීන් සඳහා පෙබරවාරි මාසයට අදාළ දීමනා ලබාදීම අද (12) සිට ආරම්භ කළ බව මුදල් අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව අදාළ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ පෙබරවාරි මාසය සඳහා වන මුදල් සියල්ල අද දිනයේදී බැංකු වෙත මුදාහැර ඇති බවයි. මේ හේතුවෙන් ප්‍රතිලාභීන්ට තමන්ගේ බැංකු ගිණුම් හරහා අද සිටම එම මුදල් ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.
අස්වැසුම ප්රතිලාභ හිමිකම් ඇති ජනතාවට තමන් ගිණුම් පවත්වාගෙන යනු ලබන බැංකු ශාඛා වෙතින් හෝ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) හරහා මෙම දීමනා ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.
