Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය පතයි

9 months ago

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ ඔවුන් පලාගිය මෝටර් රථය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය අපේක්ෂා කරයි. මූලික විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ අපරාධය සිදුකිරීමට පැමිණි වෙඩික්කරුවන් අකුරේගොඩ සිට හෝමාගම, පොතුඅරාව පාර, අතුරුගිරිය, කොට්ටාව සහ මාකුඹුර යන ප්‍රදේශ හරහා ගමන් කර ඇති බවයි.

අපරාධය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන EP KI-7738 දරන මෝටර් රථය ඊයේ (13) සවස් කාලයේ ඉහත සඳහන් කළ මාර්ගවල ගමන් කරන ආකාරය එම මාර්ගවල ධාවනය වූ අනෙකුත් වාහනවල සවිකර ඇති කැමරා පද්ධතිවල (Dash Camera) පටිගත වී තිබිය හැකි බව පොලිසිය පවසයි. ඒ අනුව, ඊයේ සවස් කාලයේ එම ප්‍රදේශවල ගමන් ගත් රියදුරන් තම වාහනවල කැමරා දර්ශන පරීක්ෂා කර බලා, අදාළ මෝටර් රථයේ දර්ශන ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් මේ වන විටත් විමර්ශන මෙහෙයවමින් පවතී. තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය සහ රහසිගතභාවය උපරිමයෙන් සුරකින බව පොලිසිය සහතික වෙයි. ඒ අනුව පහත දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාදිය හැකිය:

  • නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර දකුණ) – 071 8598008
  • අධ්‍යක්ෂ (බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය) – 071 8592279