මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බැවින්, නායයෑම් අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු අදාළ කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, අදාළ පාසල් බලධාරීන් අයහපත් කාලගුණය සම්බන්ධයෙන් මීට පෙර ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කළ යුතු බවයි.
විශේෂයෙන් මාර්ග භාවිතයේදී මෙන්ම ජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 වනදා සිට පෙබරවාරි 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි;.
මේ අතර, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (15) සිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එබැවින් පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
