රැඳවුම් නියෝග මත පසුවන ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පාතාල ක්‍රියාකාරීන් පිරිසක් සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන 30ක දත්ත ඇසුරින්, ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සැකකරුවන් අත්අඩංගුවට පත්වීමෙන් පසු සිදුකළ දීර්ඝ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, අදාළ දේශපාලනඥයින් පාතාල ක්‍රියාකාරීන් සමඟ කිනම් ආකාරයේ ගනුදෙනු පැවැත්වූවේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් ලෙස කරුණු සෙවීමේ කටයුතු සිදුවේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හඳුනාගත් දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බවයි. “මේ වන විට විමර්ශන ඉතා සාර්ථකව පවතිනවා. සම්පූර්ණ විමර්ශනයකින් අනතුරුව මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් හෙතෙම පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
