පවතින ගුරු හිඟය සහ ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලුවලට පිළියම් ලෙස මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට අධික පිරිසක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
පසුගිය 18 වැනිදා පැවැති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය.
මෙම බඳවා ගැනීම් සඳහා මේ වන විටත් අනුමැතිය ලැබී ඇති අතර, විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙම වසර තුළදීම අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
