මෙම වසර සඳහා නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
“තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මෙය ක්‍රියාත්මකයි.
දිස්ත්‍රික්ක 13ක් ආවරණය කරමින් මෙම නිවාස ඉදිකිරීම් වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ජනතාවට ස්ථිර වාසස්ථාන හිමි කර දීම මෙහි ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
”මේ අවුරුද්දේ අපි 2026 යටතේ නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. මෙයින් නිවාස 25,000ක් පමණම වගේ ඍජු ආධාර යටතේ තමා ඉදිවෙන්නේ. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ අපි පවුල් 10,000කට පමණ නිවාස ආධාර දෙන්න කටයුතු කරලා තියෙනවා. මිලියන 10,000ක්. නිවාස සංවර්ධන අධිකාරිය යටතේ එක පවුලකට රුපියල් මිලියනක ආධාරයක් ලබා දෙන්න තමා සැලසුම් කරලා තියෙන්නේ. ඒක තමාගේ නිවස හදාගන්න දෙන නැවත අය නොකර ගන්නා ආධාරයක්. පෙබරවාරි 25වනදා දිස්ත්‍රික්ක 13කදී පවුල් 1,500කට නිවාස 1,500ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1,500ක චෙක්පත් බෙදීමේ වැඩ කටයුතු ආරම්භ වෙනවා.”
