හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනය ලබන මාර්තු 05 සිට 08 දක්වා තාවකාලිකව සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර තිබෙනවා.
ඒ කැලණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය සහ අවිස්සාවේල්ල අතර පිහිටි දුම්රිය හරස් මාර්ගයක් අලුත්වැඩියා කිරීම හේතුවෙන්.
කිරිවන්දල ප්‍රදේශයේ පිහිටි මෙම දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කරන කාලසීමාවන් තුළ මාර්ගය වසා තබන ආකාරය පහත පරිදි වේ,
මාර්තු 05 (බ්‍රහස්පතින්දා): පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබේ.
මාර්තු 06 (සිකුරාදා): පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබේ.
මාර්තු 07 (සෙනසුරාදා): පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබෙන අතර, පෙ.ව. 9.00 සිට ප.ව. 1.30 අතර කාලය තුළ පැය භාගයක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබේ.
මාර්තු 08 (ඉරිදා): පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා අර්ධ වශයෙන් වසා තැබෙන අතර, පෙ.ව. 9.00 සිට ප.ව. 1.30 අතර කාලය තුළ පැය භාගයක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබේ.
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇති විය හැකි රථවාහන තදබදය මඟහරවා ගැනීමටත්, සිදුවන අපහසුතා අවම කර ගැනීමටත් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය සේවය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
