Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

9 months ago

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.

අදාළ ජීවිත තර්ජනයන්හි ස්වභාවය සහ ඒ පිටුපස සිටින පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පුළුල් මෙහෙයුමක් දියත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් කියා සිටියේය.