Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම හා වැඩිහිටි දීමනා ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

9 months ago

අස්වැසුම පළමු අදියරට අදාළ පෙබරවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් එක් කෝටි එක් ලක්ෂ අනූ හත් දහසක( 3,100,197,000) මුදලක් ප්‍රතිලාභීන් 620,025 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත අද(26) දින බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

එමෙන්ම අස්වැසුම දෙවන අදියරට අදාළ පෙබරවාරි මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් කෝටි හාරසිය හැත්තෑ හය ලක්ෂ පනස් දහසක මුදලක් ප්‍රතිලාභීන් 69,350 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ ද අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත අද (26) බැර කරනු ලැබේ.