Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය මහජන සහය පතයි

9 months ago

පසුගිය පෙබරවාරි 14 වනදා කළුතර උතුර, වාඩියමංකඩ හන්දිය ප්‍රදේශයේ වෙළෙඳ සැලක් තුළ සිදු වූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා මෙම ඝාතනය සිදු කර තිබුණි.

දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අනාවරණය කරගත් සැකකරුගේ තොරතුරු පහත පරිදි වේ:

  • නම: ගුණසිංහ ප්‍රවීන් පුෂ්පකුමාර
  • ලිපිනය: අංක 162/2, ගොරකගහවත්ත, පොතුපිටිය, වාද්දූව.
  • වයස: අවුරුදු 27
  • ජාතික හැඳුනුම්පත් අංකය: 991473254V

මෙම සැකකරු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි:

  • ස්ථානාධිපති (කළුතර උතුර): 071-8591692
  • ස්ථානාධිපති (කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය): 071-8596395

තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සුරකින බවට පොලීසිය සහතික වෙයි.