Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ලකිරීම අරඹයි

9 months ago

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස, ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ප්‍රබල මිසයිල ප්‍රහාරයක් දියත් කර තිබේ.

මෙම ප්‍රහාරය ඉරාන භූමියේ සිටම ඊශ්‍රායලය දෙසට එල්ල වූ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් තහවුරු කළේය.

මෙම මිසයිල ප්‍රහාරයත් සමඟ උතුරු ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රබල පිපිරීම් හඬ ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ පැමිණෙන මිසයිල ගුවනේදීම විනාශ කර අඩපණ කිරීම සඳහා එරට ගුවන් ආරක්ෂක පද්ධති මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.