මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකට එල්ල වෙමින් පවතින මිසයිල ප්‍රහාර සහ යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට පවතින සැකය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මහජනතාවට පැහැදිලි කිරීමක් සිදු කරනවා.
ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ, මෙරට දෛනික අවශ්‍යතාවලට සරිලන පරිදි ඉන්ධන තොග මේ වන විටත් සුරක්ෂිතව පවතින බවයි.
එබැවින් කලාපීය යුද උණුසුම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි පදනම් විරහිත බියක් ඇති කර නොගන්නා ලෙස සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන තොග ගබඩා කර ඇති බැවින්, අනවශ්‍ය ලෙස පෝලිම් ඇති කරමින් හෝ කලබලකාරී ලෙස ඉන්ධන රැස් කිරීමට උත්සාහ නොකරන ලෙස ද සංස්ථාව දැනුම් දෙනවා.
