Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

ඊයේ ඇරඹුණු පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වන දිනය

9 months ago

පළමු පාසල් වාරයේ දෙවන අදියර ඊයේ (03) සිට දිවයින පුරා පිහිටි සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ආරම්භ වුණා.

මෙම අදියර ලබන අප්‍රේල් මස 10 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ අතරවාරයේදී පාසල් මට්ටමින් පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරග සහ “බිග් මැච්” (Big Matches) උත්සව සමය ද ආරම්භ වී ඇති බැවින්, එම තරග සංවිධානය කිරීමේදී මහජන සාමය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙස පොලිසිය විශේෂ දැනුම්දීමක් කරනවා.

විශේෂයෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ අනවශ්‍ය කලහකාරී හැසිරීම් පාලනය කිරීම සඳහා අදාළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරන ලෙසයි සංවිධායක මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇත්තේ.