Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන ඉඟියක්

9 months ago

2025 (2026) වසරේ පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර තිබේ.

ඒ අනුව, විභාග ප්‍රතිඵල අප්‍රේල් මස 30 වැනිදායින් පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.

පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සහ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන පහත පරිදි වේ:

  • පිළිතුරු පත්‍ර ඇගයීම (අදියර දෙකක්):
    • I අදියර: මාර්තු 12 සිට 23 දක්වා.
    • II අදියර: අප්‍රේල් 01 සිට 10 දක්වා.
  • ප්‍රායෝගික පරීක්ෂණ: අප්‍රේල් 22 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ වහාම, ප්‍රතිඵල නිකුත් කරනු ලබන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.