Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද දවසේ අව් – වැසි තත්ත්වය

8 months ago

ර්යයා උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින කාලසීමාව තුළ අද (07) දිනයේත් ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (07) දින දහවල් 12:13 ට පහත සඳහන් ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන් වනු ඇත.

දෙහිවල, මහරගම, පන්නිපිටිය, පාදුක්ක, ඇහැලියගොඩ, මස්කෙළිය, සියඹලාණ්ඩුව සහ පොතුවිල්. අප්‍රේල් මස 05 වැනිදා සිට 15 වැනිදා දක්වා සූර්යයා මෙලෙස ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

වැසි සහ ගිගුරුම් සහිත කාලගුණය උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල අද පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.