පොල්ගහවෙල පොලිස් වසමට අයත් බංගලාවත්ත ප්‍රදේශයේ වගා භූමියක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
වන සතුන්ගෙන් වගා භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මියගිය පුද්ගලයින් අවුරුදු 28 සහ 35 යන වයස්වල පසුවන ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව අදාළ වගා භූමියේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගහවෙල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
