Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු උත්සවවලට මුදල් ගෙවා විදුලිය ගැනීමට අවස්ථාව

8 months ago

එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ පවත්වනු ලබන උත්සව සඳහා බාධාවකින් තොරව විදුලිය ලබාගැනීමට අවශ්‍ය ප්‍රජාවට, ඒ සඳහා අදාළ ගෙවීම් විදුලිබල මණ්ඩලයට සිදුකර සේවාව ලබාගත හැකි බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

ඒ අනුව අප්‍රේල් මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලය තුළ පවත්වනු ලබන උත්සව සඳහා මෙම පහසුකම ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.