Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවයට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප ගැන තීරණයක්

8 months ago

මෙම මාසය අවසන් වන විටත් තමාට නියමිත ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ වැටුප් අත්හිටුවීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවා.

අද (07) පාර්ලිමේන්තුවේදී රෝහිණි කුමාරි විජේරත්න යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වසර ගණනාවක කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නිසිපරිදි ක්‍රියාත්මක වීම් සිඳු නොවූවද මේ වන විට වෛද්‍යවරුන් හත්දහසක ප්‍රමාණයකගේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් පවසනවා.