ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලසීමාවක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ජල කප්පාදුව සිදුවන ප්‍රදේශ සහ වේලාවන් පහතින් දක්වා ඇත:
1. හෙට (අප්‍රේල් 09) උදෑසන 8 සිට පස්වරු 8 දක්වා:
- මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ
- පොලිස්ගස්ඔ්විට පාර, කුඩමාදූව සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා
- පුබුදු මාවත සිට 342 බස් මාර්ගයේ වෙල දක්වා
2. අද (අප්‍රේල් 08) රාත්‍රී 8 සිට හෙට (09) උදෑසන 8 දක්වා:
- හෝමාගම හයිලෙවල් පාර (පිටිපන හන්දියේ සිට ගලගෙදර, මාවතගම දක්වා)
- පාදුක්ක පාර (ගොඩගම සිට ලියන්වල පාලම දක්වා)
- අතුරුගිරිය පාර (ගොඩගම සිට හබරකඩ දක්වා)
- දාම්පේ, හොරගල පාර, මාදුලාව, සෝමරත්න මාවත, ආටිගල පාර
- ඇඹුල්ගම පාර, රනාල හබරකඩ පාර, මොරගහහේන පාර, පුවක්වත්ත පාර
3. අද (අප්‍රේල් 08) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා (දැනට ක්‍රියාත්මක):
- ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර.
