පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කළ නවක වෛද්‍යවරුන් 436 දෙනෙකු සඳහා සේවා ස්ථාන ලබා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් අද (08) සිදු කර තිබේ.
අදාළ පත්වීම් ලබන වෛද්‍යවරුන් හෙට (09) සිට එළැඹෙන 11 වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා පිහිටි රජයේ රෝහල් හෝ අදාළ සෞඛ්‍ය ආයතන වෙත වාර්තා කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි.
මෙම පත්වීම් ලබා දීම සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් කළ ඉල්ලීම් සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විනිවිදභාවයකින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම අනුයුක්ත කිරීම් සිදු කර ඇත්තේ දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතා කාර්යක්ෂමව සපුරාලීමේ අරමුණින් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
