උතුරු මාර්ගයේ, කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය, අද (09) දින සිට යළි ආරම්භ කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.දිට්වා සුළි කුණාටුව නිසා හානි වූ එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද උදෑසන 5.15 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා සහ පස්වරු 1.50 ට කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ධාවනය වන දුම්රියවල ආසන වෙන් කිරීමේ පහසුකම ද සළසා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
