පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද (09) නිල වශයෙන් ආරම්භ විය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි විශේෂත්වය වන්නේ කොටුව දුම්රිය ස්ථානයේ ඓතිහාසික වටිනාකම රැකෙන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුකූලව සංවර්ධන කටයුතු සිදු කිරීමයි.
මෙම ව්‍යාපෘතිය යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ පහසුකම් සහ සේවාවන් එක්වහලක් යටදී සපයන නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද යෝජිතය.
