පූවරසන්කුලම් පොලිස් වසමට අයත් පුදියකෝවිල්කුලම් ප්රදේශයේදී සොහොයුරා විසින් එල්ල කරන ලද පිහි පහරකින් බරපතල තුවාල ලැබූ 56 හැවිරිදි කාන්තාවක් අද (09) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
අද (09) අලුයම කාලයේදී මියගිය කාන්තාව සහ ඇයගේ සහෝදරයා අතර ඇති වූ වාග් විවාදයක් දුරදිග යාම හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව පොලිසිය පවසයි. සහෝදරයා විසින් එල්ල කරන ලද පිහි පහරින් බරපතල තුවාල ලැබූ ඇය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ පුදියකෝවිල්කුලම් ප්රදේශයේම පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 44ක් වන ඇයගේ සහෝදරයා මේ වන විට පූවරසන්කුලම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු ද එම ප්රදේශයේම පදිංචිකරුවෙක්.
පූවරසන්කුලම් පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
