Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාදයක් අතරතුර මියගිය හෝමාගම සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්

7 months ago

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයක් අතරතුර මියගිය 19 හැවිරිදි පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

නිකදළුපොත, වැල්ලව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා පෙරේදා (09) රාත්‍රී තම මිතුරන් පිරිසක් සමඟ පැවැත්වූ සාදයකදී බහින්බස්වීමක් මත ඇති වූ ගැටුමකින් පසු මියගොස් සිටියදී සොයා ගැනුණි.

සාදය අතරතුර ඇති වූ එම ගැටුම හේතුවෙන් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පළ වූ අතර, ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, ඊයේ පැවැත්වුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ මරණයට හේතුව බාහිර පහරදීමක් නොව හදිසියේ ඇති වූ හෘදයාබාධයක් බවයි. ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ ඇති වූ අධික ආතතිය හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මෙයට බලපාන්නට ඇති බව සැක කෙරේ.

මරණය ස්වභාවික හේතුවක් මත සිදු වූ බව තහවුරු වුවද, සාදය අතරතුර ඇති වූ ගැටුම සහ අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් පස්දෙනා සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය තවදුරටත් විමර්ශන මෙහෙයවනු ලබයි.