Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයකට යටවුණු 10 හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

7 months ago

මට්ටක්කුලිය පොලිස් වසමේ හැඳල තොටුපල මාර්ගයේදී ඊයේ (10) දහවල් සිදුවූ රිය අනතුරකින් 10 හැවිරිදි පාසල් දැරියක් මියගොස් තිබේ.

ඊයේ දහවල් කාලයේදී බස් රථයකින් බැසගත් මෙම දැරිය, බස් රථයට ඉදිරියෙන් පාර මාරුවීමට උත්සාහ කර ඇත. එහිදී ඇය බැසගිය බස් රථයටම යටවී තුවාල ලබා තිබේ.

අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් මැදිහත්ව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 10ක් වයසැති පාසල් දැරියකි. ඇයගේ දේහය මේ වන විට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.