Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ රෝහල්ගත කෙරේ

7 months ago

ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායිකා ආශා බෝස්ලේ මහත්මිය හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මුම්බායිහි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබේ.

92 හැවිරිදි වියේ පසුවන ඇය ඊයේ (11) සවස් කාලයේදී රෝහල්ගත කර ඇති අතර, ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඇයට හෘදයාබාධයක් (Cardiac Arrest) සහ පෙනහළු ආශ්‍රිත ආසාදනයක් වැළඳී ඇති බවයි. ඇය මේ වන විට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (EMS) වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

කෙසේ වෙතත්, ඇයගේ මිණිබිරිය වන සනායි බෝස්ලේ (Zanai Bhosle) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඇය අධික විඩාව සහ පපුවේ ඇති වූ ආසාදනයක් (Chest Infection) හේතුවෙන් රෝහල්ගත කළ බවයි.

ඇයගේ තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත් ඇය වැඩිදුරටත් ඉල්ලා තිබේ.

දශක අටකට ආසන්න කාලයක් පුරා ගීත 12,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති ආශා බෝස්ලේ මහත්මිය, භාෂා 20කට අධික සංඛ්‍යාවකින් සිය ගායන කෞශල්‍යය විදහා දක්වා ඇත.