සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ආශිර්වාද ලබා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගැනීමට හෙට (13) රාත්‍රී කාලයේදීත් අවස්ථාව සලසා දී තිබෙනවා.
සාමාන්‍යයෙන් රුවන්වැලි මහා සෑ පරිශ්‍රය බැතිමතුන් සඳහා රාත්‍රී 10 වන තෙක් විවෘතව පවතින නමුත්, හෙට දින රාත්‍රී කාලය පුරා විවෘතව තැබීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම, වාර්ෂික චාරිත්‍රයක් ලෙස සිදුකෙරෙන පරණ අවුරුද්ද වෙනුවෙන් කිරි ඉතිරවීමේ මංගල්‍යය අප්‍රේල් 13 වනදා මධ්‍යම රාත්‍රී 12ට මහා සෑ රඳුන් අභියසදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා.
