උදාවීමට නියමිත සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් කරා යන ජනතාව වෙනුවෙන් අදත් (13) ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයෙහි යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
පසුගිය 8 වනදා සිට ඊයේ (12) දක්වා කාලය තුළ 230,000 කට ආසන්න මගීන් සංඛ්‍යාවක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ගම් බිම් බලා පිටත්ව ගොස් ඇති බව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
එමෙන්ම නැවත ගම් බිම් බලා ගොස් පැමිණෙන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නිසි පරිදි ක්‍රියාත්මක කර ඇති බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පවසා සිටියේ.
අලුත් අවුරුදු කාලසීමාව තුළ ගම් බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බවත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අමතර දුම්රිය යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
