පසුගිය 09 වැනිදා සිට ඊයේ (13) දක්වා පමණක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 600 කට අධික වාර්තාගත ආදායමක් රැස් කරගෙන තිබෙනවා.
එහිදී අලුත් අවුරුදු ප්‍රවාහන සේවා යටතේ, පසුගිය 11 වැනිදා පමණක් රුපියල් මිලියන 213 ක ආදායමක් උපයා ඇති බවයි ලංගම සභාපති සජීව කනගරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පිටත ගමනාන්තවල සිට යළි කොළඹට බස්රථ යෙදවීම හෙට පස්වරුවේ සිට ඇරඹෙන අතර එය ලබන 21 වැනිදා දක්වා ක්‍රියාත්මක බවද ශ්‍රී ලංගම සභාපතිවරයා පැවසුවා.
