Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට ජනපති එක්වෙයි

7 months ago

සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර මාලාවේ සුවිශේෂී අවස්ථාවක් වන හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්විණි.

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී ආශිර්වාද එක් කළහ.

ජනාධිපතිවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිංහල අවුරුදු නැකැත් සීට්ටුවට අනුව හිසතෙල් ගෑමේ සුබ මොහොත අද පෙරවරු 6:55ට යෙදී තිබුණි. ඒ අනුව පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීමේ චාරිත්‍රය ජනාධිපතිවරයා ඇතුළු පිරිස විසින් ඉටුකරනු ලැබූහ.