Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය උප ජනපති දිවයිනට (ඡායාරූප)

7 months ago

ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන්, දෙදින නිල සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනට පැමිණියා.

අද පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා හෙට (20) දිනය දක්වා මෙරට රැඳී සිටිනු ඇති අතර සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර මෑතකදී සිදුවූ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අඛණ්ඩ පියවරක් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව සම්බන්ධ පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන සහයෝගීතාවට අදාළ ව්‍යාපෘති ඇතුළුව සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, දෙරට අතර අවබෝධතා ගිවිසුම් ගණනාවක් ද මෙම සංචාරයේදී හුවමාරු කරගැනීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය උප ජනාධිපතිවරයා සමඟ එරට රජයේ ඉහළපෙළේ දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇති.