මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් වන්දනාවට පාත්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක් අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා, තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා හා මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.
අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ සහ පඤ්ඤාකර යන ස්වාමීන් වහන්සේලා කරන ලද ඉල්ලීමකට අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව එළඹෙන මැයි මස 02 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමටත්, වන්දනාමාන කිරීමටත් අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
