Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ⁣ගන්න අධිකරණයෙන් වරෙන්තු

7 months ago

ඇප මුද මුදා හැරි ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයේ විශ්වාසය කඩ කිරීම සහ ඇප කොන්දේසී උල්ලංඝනය කිරී⁣මේ චෝදනා යටතේ යළි අත්අඩංගුවට ⁣ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අද(07) නියොගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිසම මෝසමක් මාර්ගයෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා ඇප නියම කෙරුණා.

නමුත් ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.