Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට

6 months ago

සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා තරුණියක පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් එම අපරාධය සඳහා යොදාගත් සෙල්ලම් පිස්තෝලය සහ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය ඉකුත් 07 වැනිදා මත්තේගොඩ, කිරිගම්පමුණුව ප්‍රදේශයේදී සිදුව ඇත. සෙල්ලම් පිස්තෝලයක් ද සමඟ අදාළ නිවසට කඩා වැදුණු සැකකරුවන් දෙදෙනා තරුණිය පැහැර ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී නිවසේ සිටි පිරිස් ඊට විරෝධය පෑම හේතුවෙන් සැකකරුවන් මෝටර් රථයෙන් පලා ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.