Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකාට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

6 months ago

අධිකරණය මගින් වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන ලෙස අද(18) නියම කෙරුණා.

2022 ජූලි 7 වනදා අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාවලට  අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය සිකුරාදා කැඳවනු ලැබූ අතර එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කෙරුණා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද(18) දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ මෝසමක් ගොනුකරමින් පැවසුවේ අසනීපයෙන් සිටි බැවින් පැමිණිමට නොහැකි වූ බවයි.

ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවීමටයි නියෝග කර තිබෙනවා.